Wednesday, March 29, 2017

මගේ ඇසින්........කාලය





                                             කාලය..........

                                     අතීතය දිගුයි
                                     එළැඹෙන අනාගතය කෙටියි
                                     කෙමෙන් වියපත් වන යෞවනය
                                     හඩගා කියයි
                                     බොල්බව තවමත් නුඹේ දිවිමග



මගේ ඇසින්.....මෙහෙවර


           මෙහෙවර 



පෑදෙන තෙක් ඇට නහර
රුධිරය කිරිකරමින්
මගේ කුසපිරවූ
ආදරණීය අම්මා..................
වෙව්ලන ගතට
කුස අහර නොතකා
දහඩිය ක‍ඳුළු වැගිරූ
ආදරණීය තාත්තා............

ණය ගැතියි සැමදා

නොහැක පියවනු කිසිදා.........

Wednesday, March 1, 2017

මගේ ඇසින්-සෙනෙහස

       




                                                                සෙනෙහස





සීතලට ගුලි වෙමින්....
වැහි පොදට මිරිකෙමින්.....
උණුහුම සොයන
 අපූරු නවාතැන......

දුක සැප සම සමව
බෙදාගෙන ජය ගන්න
ලැබැදිව එකතු වූ
අපූරු නවාතැන......