Friday, January 27, 2017
මගේ ඇසින්...කොන්දොස්තර
කොදොස්තර
උඩින් උඩින් අඩි තිය තිය
පා පුවරුවෙ එලීගෙන
අනේ අපොයි විදින දුකක්
අතමිට සොච්චමක් ගන්න....
උදේ ඉදේ රෑ වෙනකම්
කාසි පණම් අත ගෑවට
නුඹෙ පවුලට සුරවිමනක්
ලබා දෙන්න හැකි උනාද....
අඹු දරුවන් සැම රකින්න
යන පාරේ සැම රකින්න
නුඹ ගන්නා මෙහෙය උතුම්
නුඹත් එකෙකි ලොවේ උතුම්......
මගේ ඇසින්.....අම්මා
අම්මා
දුටු දා නරකෙසක් හිසේ
සසල වූ තරම් මා සිත.........
මගේ බර කර හොවා
තවමත් මටම සැනසුම දෙන
නුඹේ බර කරහොවා
නුඹට සැනසුම දෙන්න
කවදාක හැකිවෙයිද
මගේ ආදර අම්මෙ..........
නවකතා මතකයන් ......අත්ත බිදෙයි පය බුරුලෙන්
අත්තබිදෙයි පය බුරුලෙන්- ඒ. වී. සුරවීර
මෙම නවකතාව විශ්වවිද්‍යාල ජීවිතය පාදක කොටගනිමින් රචනා කොට ඇත. මේ සදහා පාදක වී ඇත්තේ ජයවර්ධනපුර සරසවියයි.මෙහි එන වැදගත් චරිතයක් ලෙස ආචාර්ය ගැටමාන්න හදුවාදිය හැකි ය. ඔහු ධම්මසිද්ධි ලෙස මහනවී සිටි අතර පසුව සිවුරු හැරමෙන් ගැටමාන්න බවට පත් විය.මහාචාර්ය කල්දේරා, ශිෂ්‍යය උපදේශක මහාචාර්ය පරණවාඩිය, ප්‍රධාන විනය ආරක්ෂක පිරීස් මහතා, ශිෂ්‍යය නිවාස පාලක විමලරත්න මහතා, මහාශිෂ්‍යය සංගමයේ සභාපති ජිනදාස, ලේකම් වනසිංහ යන අය මෙහි කැපී පෙනෙන චරිත ලෙස පෙන්වා දිය හැකි ය.
ජුනි 28 වන දවස අරඹයා එක් එක් මහාචාර්ය වරයාගේ දවසේ ප්‍රවෘත්ති මෙන්ම
විශ්වවිද්‍යාලය තුළ වූ සිදුවීම් මෙමගින් දවා ඇත. මෙහි භාෂාව රසවත්ව දවා ඇත.
"දෙකයි බිංදුවයිහතරයි දෙකයි....ක්රී......ක්රී...හලෝ....ගුඩ් මෝනිං සර්.අද ටිකක් කලබල ඇති වන ලකුණු තියෙනවා...."
යොදාගත් භාෂාව සරලය.ආයාසයකින් තොරව හසුරැවා ඇත. විශ්වවිද්‍යාලය යනු නිදහස් තෝතැන්නකි. කරුණාවතී මහාශිෂ්‍ය සංගමයේ වැඩකටයුතු හා රැදෙමින්තම ජීවිතයද විනාශමුඛයට ඇදගනු ලබනේ මෙමපඅසීමිත නිදහසේ ප්‍රතිඵලයක් ලෙසිනි.තම දියණියගේ ක්‍රියාකලාපයන් පිළිබදව සිත් තැවුලට පත් වන පියා විශ්වවිද්‍යාලය යන්සංන ගයක් නැති තැනක් ලෙස දකියි.
" අපේ කෙළිත් මහ එක විදියක එකියක් ආයිබොං. ගලකින් පට්ටයක් ගත්තැහැකි ඒකිගෙං වචනයක් ගන්න බෑ..."
"ඇයි දෙයියනේ මේ කෙලී මෙතෙන්ට එව්වෙ මොන තරං අමාරුවෙන් ද? මොන බලාපොරොත්තු ඇතුව ද? අපේ කොලනියෙ තියා ඒ පළාතෙවත් ගෑනු ළමයෙක් විස්සවිජාලෙට ඇවිත් නෑ."
විශ්වවිද්‍යාල ජීවිතය පිළිපදව මනා අවබොධයක් ලබා ගැනුමට හැකි අපූරු කෘතියක් ලෙසද පෙවා දිය හැකි ය. . කතුවරයාද මෙම විශ්වවිද්‍යාලයෙහිම නියැලුනෙකු නිසාදො සාර්ථක ලෙස නිමාණය නිම වී ඇත. දුෂ්කර ලෙස උගෙන ඉතාමත් අපහසුවෙන් සරසවියට එන ජීවිත බොහෝ සෙයින් අයාලහෙහි යන්නේ නොදනාකම හෙයිනි..මෙම කෘතිය නව සමාජයට අත්‍යාවශ්‍යය කෘතියක් බව පෙවා දිය හැකි ය.
" කහ සමනල්ලු දෙදෙනෙක් තටු විදහා ඒ මේ අත පාවී ගොස් පියසේ එක් කොනකට පහත් වූවෝ ය.."
කතාවේ අවසානය ශුංගාරාත්මකව නිමවා ඇත.
නවකතා මතකයන්.....ලීලා
ලීලා - මාටින් වික්‍රමසිංහ
" ඇල්බට් ඉක්මනට පන්සලට යන්න ලෑස්ති වෙයන්. නුඹලාට පන්සලට යන්නට බොහොම අමාරුයි." මේ ඇමීගේ හඬ ය. පාරම්පරික ජීවන රටාවකට අනුව කටයුතු කළ මාටින් වික්‍රමසිංහයන් හැකි සෑම අවථාවකම තම නිර්මාණ උදෙසා බෞද්ධ ගැමි පරිසරයක් නිමාණය කිරීමට අමතක නොකළේ ය. මෙහි ඔහු විසින් නිමාණය කළ චරිත ලෙස වික්ටර්, සොමී, ලුසී යන චරිත පෙන්වා දිය හැකි ය.
මෙම කෘතිය විමසීමේ දී වෙනත් කෘතීන් පිළිබදවද අවධානය යොමු කරමින් ඒවායෙහි යම් කොටස් උපුටා දක්වමින් කතුවරයා රචනා කර ඇත. මෙහි පළමු පරිඡේදය ආරම්භ කරන්නේ වෙනත් පොතක උපුටා ගැනීමක් දක්වමිනි. එමෙන්ම තෙවන පරිඡේදය ආරම්භ කරන ලද්දේ අනගාරික ධර්මපාලයගේ වැකියකිනි. හතරවන පරිඡේදය ආරම්භ කරන්නේ නක්ඛත්ත ජාතකයෙන් උපුටාගත් කොටසක් දක්වමිනි. හත්වන පරිඡේදය දක්වන්නේ සුභාෂිතයේ කවියකිනි. අටවන පරිච්නඡේදයද වෙනත්ම කෘතියකින්ව උපුටා ගැන්නමකින් ඇරඹෙයි. පරිච්ඡේදය ආරම්භවන්නේ වාසනාවන්ත විවාහය පොතේ එන කොටසකිනි.
තොවිල් පවිල් ගැන සමාජයේ මුල්බැසගෙන පවතින්නකි. මරියහාමි නැන්දාගේ රෝගය සදහා මේ ගැමි ශාති කර්ම පිහිට පතනේ එබැවිනි. නමුත් ඇය මරණයට පත්වෙයි. මෙම රෝගය නිසා ඇයගේ දරුවාද මරණයට පත් වෙයි. ගැමි ජන ජීවිතයෙහි පවතින මෙවන් බොහෝ විවාසයන් ගැන වික්‍රමසිංහයන් නිරතුරුවම තම නවකතාවහි ඉදිරිපත් කළේ ය. මෙම නවකතාවෙන් ද එම ලක්ෂණය වටහා ගත හැකි ය.
වික්ටර් මත්පැනට ලොල් අයෙකු වන අතර ඇල්බට් බෞද්ධානුකූල ජීවිතයක් ගත කරන්නෙකි. මේ අතරතුර ඇල්බගේ ප්‍රේමය ලීලා කෙරෙහි යොමු වෙයි. ජයතිස්ස හා රොසලින් නයකතාවෙහි ජයතිස්ස රොසලින්ව කවි වලින් වර්ණනා කරනවා හා සමානව ඇල්බට්ද ලීලාව කවි වලින් වර්ණනා කළේ ප්‍රේමය නිසා නොවේ ද? මෙහි පියදාස සිරිසෙනගේ ජයතිස්ස හා රොසලින් නවකතාවෙහි සේම අතිශෝක්තිය හුවා දක්වන පණ්ඩිත කියවීම්ද එමට දැකිය හැකි ය. යක්ෂයන් පිළිබද දිගු ලිපි, නවකතාව කෙරෙහි අනවශ්‍යය බොහෝ තොරතුරු මෙහි දී යොදා ඇත. නවකතාවෙහි රසවතාවට එය බාධකයකි.
ගිල්බට් කොළඹ තරුණියක හා විවාහ වෙන නමුත් එයට හොරෙන් ඔහු ලීලිවද ගිවිසගැන්මට යයි.මෙම අවථාවේදී ගිල්බට් විවාහ වූ තරුණිය පැමිණෙන අතර එයින් ලීලාගේ ද, ගිල්බට් විවාහ ගිවිසගත් තරුණියගේ ද ජීවිත රැක ගැනුමට හැකි විය. මෙම නවකතාව ජීවිතය විවරණය කළ නවකතාවක් මෙන්ම මිනිසුන් පිළිබදව සිහිනුවනින් කටයුතු කිරීමට උපදේශ සපයන නවකතාවක් ලෙසද පෙන්වා දිය හැකිය..
Friday, January 13, 2017
මගේ ඇසින්_යෞවනය
යෞවනය
නීල නයන යුග තෙත් කළ
චාටු වදන් ගෙත්තම් කළ
රැවටිලි කාර යෞවනය........
පවන ඇවිත් හෙමි හෙමිහිට
අරන් යන්න මගෙන් දුරට
කඳුළු පිස නෙතු හරින දින
යළිදු මා ඇස නොගැටෙන විලස........
මගේ ඇසින්_සරසවිය
සරසවිය
එක වසරෙ සෝෂල්
දෙක වසරෙ වෙල්කම්
තුන වසරෙ විස්කම්
සිව් වසරෙ අවසන්........
තෙල බෙදන නුවණැත්තු
කොකු ගහන පෙම්වත්තු
ඇණ වෙවී විදගත්තු
සරසවියෙ සුව දත්තු.......
මගේ ඇසින්_රහස
රහස
සඳ නිදන වලා මැද
හිරු පිපෙන හිමිදිරියෙ
යෞවනය පොපියයිද
නුඹේ සිතටත් නොදැන......
අද එන්න හෙට එන්න
යමක් ඇත පවසන්න
කියූ ඔය මුව මඬල
වියැලෙන්නෙ ඇයි මෙලෙස.......
කාලයේ පාවෙලා
සිව් වසර නිමවෙලා
සරසවිය හැරදමා
නික්මෙනා විරාමෙදී........
කඳුළු මුතුකැටගෙන
මල්දම් ගෙලේ පළදා
පූදිනා ඒ රහස
කියා දී යනවාද.......
Subscribe to:
Posts (Atom)





