මිරිගුව..
ඈත අහසේ දිලෙන තරුකැට......
නෙත් කෙවෙනි රදවා....
පාව යන ඝන වලාරොදකට
දෑත දිගු කෙරුවා.....
හමාගෙන ආ පවන රුදුරැයි
දරාගනු බැරැවා.....
නිමක් නොමැතිව ගසාගෙන යයි
නතරවෙනු බැරුවා....
හීන සිත්තමි කරපු ගෙත්තම
බොදව යනු පෙනුනා...
තවත් කෙලෙසින් උහුලම්ද මම
දුවා හති වැටුණා....
lassanai
ReplyDelete