විරාගය - මාර්ටින් වික්‍රමසිංහ
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෙලිතුඩින් නිමවූ අපූරු නිමවුමක් ලෙස "විරාගය" නවකතාව පෙන්වා දිය හැකිය.රාගයද,ප්‍රේමයද නැතිනම් ඔහු තුළ වූයේ විරාගයද යන්න පාඨකයා තුළ විමසුමට ලක් වූ කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.මෙහි ප්‍රධාන චරිතය බවට පත්වන්නේ අරවින්ද නම් තරුණයෙකි.අරවින්දගේ පියා සිංහල වෛද්‍යවරයෙකි.ඔහු උපයා ගන්නා සීමිත මුදලින් බිරිය හා දුවත් අරවින්දවත් පෝෂණය කරනු ලබයි.පියාට අවශ්‍යය වන්නේ අරවින්ද දොස්තර මහත්මයකු වනු දැකීමය.නමුත් අරවින්දට එය අනවශ්‍යය වෙයි.දියණියවත් හොඳ දෑවැද්දක් සහිතව ධර්මසිරිට විවාහ කර දෙයි.දොස්තර මහත්මයකු වනු දැකීම,විශාල දෑවැද්දක් සහිත විවාහ සමාජයේ ඉහළ පෙළෙහි වැජඹීමට දරන ප්රයාසයන් ය.
අරවින්දගේ හිත බැදුනේ සරෝජනී කෙරෙහිය.සරෝජනීගේද හිත අරවින්දට ලෙන්ගතු විය.නමුදු අරවින්දගේ ප්‍රේමය ඉස්මතු කිරීමට ඔහු අසමත්ය.මෙබැවින් දෙමාපිය කැමැත්ත ඇතිව සරෝජනී සිරිදාස සමඟ විවාහ වෙයි.මාස තුනක් පමණි රෝගීව හිදීමෙන් අනතුරුව අරවින්දගේ පියා මිය යයි.අරවින්දට වගකීමෙන් කටයුතු කිරීමට සිදුවන්නේත් මේකලාගේ මසුරුකම් ඉස්මතු වන්නේත් මෙතැන් සිටය.පියාට වියදම් වූ ඒවාට හිලව් කියමින් ඇය මහගෙදර බොහෝ දගෙනියන්නට වූවා ය.අවසානයේ ඇය මහගෙදරද ඔවුන් සතුකරගනියි.විවාහයත් සමඟ පුද්ගල ජීවිතයේ සිදුවන වෙනස්කම් තම තමන්ගේ ජීවිත සුඛෝපභෝගි කරගැන්මට ලේ ඥාති බැඳීමී පවා හේතු කාරණා නොවන බව මෙයින් ඉස්මතු වෙයි.
මෙම සිදුවීම් නිසා මව වෙනත් නෑ නිවසක නැවතීමට යක්නේ දියණියගේ අකටයුතුකම් තවත් දැකීමට අකමැති හෙයිනි.ඉන්පසු නිවසෙහි අනුලාත්,ධර්මදාසත් ඔවුන්ගේ පුතු වන සිරිමලුත්,අරවින්දත් තනිවිය.අරවින්ද රසායන විද්‍යාව අත්හදා බැලීම් වලට රුචි කරයි.මෙම නිසා ඔහුගේ පරීක්ෂණයක් අවසානයේ පිපිරීමෙන් ඔහුට ඇගිල්ලක්ද අහිමි වෙයි.යෙින් පසුව සිරිමල්ව අරවින්දගේ කාමරයට යැවීමට පවා දෙමහල්ලෝ භිය වූහ.මෙම හේතු නිසා අරවින්ද වෙනම ගෙයක් කුලියට ගන්නා අතර එහි ඔහුගේ මෙහයට ගුණවතී හා ඇගේ දියණිය බතී නවතා ගනු ලබයි.
අරවින්දගේ ජීවිතය තුළ ගැහැණුන් දෙදෙනෙකු සැරිසරනු දැකිය හැකිය.ඒ සරෝජනී හා බතී ය.බතීට ඔහු තමන්ගේ දරුවෙකුට සේ ඉගැන්වීමට රුචි කළද ඇය වල් කෙල්ලක බවට පත් වෙයි.ඇය ජිනදාස නම් තරැණයෙකුට පෙම් බැදීම නිසා ඇයව ඔහුට විවාහ කර දීමට ඔහු තීරණය කරය.අවසානයේ අරවින්ද රෝගී වන අතර තම පියාට මෙන් සලකනු ලැබුවේ බතී අතිනි.මෙම කතාව සැමී විසින් අරවින්දගේ ජීවිතකතාව කියවීමකි. සිරිදාසගේ ගෙදරදී අරවින්දගේ පොත්පත් හා සුන්බුන් ඇවිස්සීමෙන් සොයාගත් ඔහුගේ ජීවිතපකතාව ආරම්භ වන්නේ දෙවන පරිච්ඡේදයේ සිටය.
අරවින්ද බතී රැකබලා ගැන්මේ ප්‍රතිඵල ඔහු රෝගී වූ අවසානයේ ලබයි. බතී පිළිබඳව කෙබඳු පුද්ගලයන් කෙබඳු කතා ගෙතුවද අවසානයේ ගුණයහපත්, භාර්යාවක්, දියණියක් මතු කිරීමට හැකියාව ලැබී ඇත. ඒ බැව් සිරිදාසගේ මෙම කියමනෙන් පැහැදිලි වෙයි.
"අරවින්ද හුඟක් දුක් වින්දා.බතීට ආරංචි වෙලා ඇවිත් එයා ඇගේ ගෙදරට එක්ක යනකල් අපි දන්නේ නෑ."
"අප කිසිවකුගෙන් නොලබන සැලකිලි හා සාත්තු එයාට බතීගෙන් ලැබුනා."
ඔහු වෙදැදුරාණන් කෙනෙකු වනු දැකීම පියාගේ සතුට වුවද අරවින්දගේ ඒ පිළිබඳව අප්‍රසාදය ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.
"ලේ දකින විට මට ඉසේරදේ හැදෙනවා. ගෑනියෙකුගේ සෙලු මළකඳකට අත ගහන්නවත් මම කැමති නෑ"
දියණිය අරපිරිමැස්මෙන් දිවි ගෙවීමට පුරුදුව ඇත.ඇය අදින පළදින ආකාරයෙන් පවා ඒ බව ප්‍රකට වෙයි.අම්මාත් දුවත් අතර දෙබසින් එය වටහා ගත හැකිය.
"උඔ හැමදාමත් කබල් සාරියක් ඇදගෙන එන්නේ මන්ද ?"
"අපේ ගෙදරට එන කොට කොයි එක ඇන්දත් මොකද?"
වයසින් මුහුකුරා යාමත් සමඟ දියණිය සටකපට කාන්තාවක් බවට පත් වී ඇත.අරවින්ද නිරන්තරයෙන් සිතන්නේ සරෝජනී ඉතා ලාබාල දැරියක් බවයි.ඇය කෙරෙහි ඔහු තුළ ඇත්තේ කාමය,රාගය පිළිබද චේතනාවක් නොව පිරිසිදු චේතනාවකි.ඔහු සිරිදාස සමග මෙසේ පවසන්නේ එම නිසාවෙනි.
"විවාහ ජීවිතය ගැන සිරිදාස තරම් දුරට සිතන්න සරාට තාම වයසක් නෑ"
නමුත් සිරිදාස ඇය ගැන එතරම් ලාබාල ලෙස නොසිතයි. කාන්තාවන්ට ඒවා විශේෂයෙන් පුරුදු පුහුණු කිරීම අවශ්‍යය නොවන බව ඔහු පවසන මෙම වදනින් පැහැදිලි ය.
"හංසයන්ට පීනන්න උගන්වන්න ඕන නෑ. විවාහ ජීවිතය ගැන හිතන්න ගෑනු ළමයින්ට උගන්වන්න ඕන නෑ."
අරවින්ද විසින් තමාව විවාහ කරගන්නා තෙක් සරෝජිනී බලා හිදියි.නොරිකෝ දෙවොන්දරා සං තමාව විවාහ කරගන්නා තෙක් බලාහිදියි. මාර්ටින් වික්‍රමසිංහයන් "විරාගය" තුළින් අරවින්දව ප්‍රේම ලෝකයෙන් එපිටට ගෙනගියේ ය.