මීනා - ඒ සයිමන් ද සිල්වා
ප්‍රථම සිංහල නවකතාව ලෙස අපි හඳුන්වනු ලබන්නේ ඒ. සයිමන්ද සිල්වාගේ "මීනා" නවකතාව ය.16 වන සියවස මුලදී ශ්‍රි ලංකාව යුරෝපීය බලපෑම් වලට පාත්‍ර විය. මෙරට ඉංග්‍රීසීන්ට යටත් වූ තැන් සිට සිංහල සමාජයේත් භාෂා සාහිත්‍යයන්ගේත් විවිධ විපර්යාස සිදු විය. සිංහල මුද්‍රණ ශිල්පය ආරම්භවීම,පුවත්පත් සඟරා ප්‍රචලිත වීම ,වාද විවාද පැවැත්වීම,නව සාහිත්‍යයාංග හඳුන්වා දෙනු ලැබීම යන මේවා එකිනෙකට සම්බන්ධ ව්‍යාපාර විය.
පරිච්ඡේද 13ක් වන ලෙස පිටු 114කින් යුක්ත වන "මීනා" 1905 දී පළමුවරට කොළඹ ශ්‍රී ලංකෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලදී.නවකතාව යන සිංහල වචනය පවා එකල භාවිතා වූ බවක් නොපෙනෙනි. සයිමන්ද සිල්වා විසින් මීනා හඳුන්වනු ලැබුවේ රසවත් කථාන්දරය යනුවෙනි. ඊට පෙර ඇල්බට්ද සිල්වා තම ප්‍රබන්ධකථා හැඳින්වූයේ "අමුතු කථා" යන සිංහල නමිනි.පියදාස සිරිසේන විසින් තම මුල් කෘතිය වූ "ජයතිස්ස සහ රොසලින් " හඳුන්වනු ලැබුවේ "ප්‍රබන්ධ කථා" නමිනි. "මීනා" පළමුවන මුද්‍රණයෙහි පිටකවරයෙහි Meena-A Novel by A.Simon De Silva යන ඉංග්‍රිසි පාඨයක් වෙයි. 1905 ජූලි 17 දින The Times of Ceylon පුවත්පතෙහි පළවූ විවේචනයක Mr, A. Simon De Silva of the P.W.D. favours us with a copy of a work of fiction in singhalese the first of its kind attempted in the vernacular ලෙස සඳහන් කෙරේ. මේ අනුව "රසවත් කථාන්දරය" නමින් එහි කතුවරයා විසින් හඳුන්වනු ලැබූ "මීනා" කෘතිය Novel ,Fiction යන වර්ගයට අයත්කොට සිංහලයෙන් ලියැවුණු පළමුවන කෘතිය සේ එකල බොහෝ උගතුන් විසින් සලකනු ලැබූ බව සිතිය හැකිය.
මෙම නවකතාවේ විශේෂත්වය නම් අතරින් පතර ගළපා ඇති අද්භූත සිද්ධි හා අවස්ථා ආශ්‍රයෙන් කථාව ගොඩනැගී තිබියදීත් සැබෑ ජීවිතාය් හමුවන ගැහැණුන් හා පිරිමින් වශයෙන් යම් ප්‍රමාණයකින් සැලකිය හැකි චරිත කිහිපයක් පාඨකයා වෙත ගෙනඑනු ලැබීම ය.ජා හමුදාවේ සේවය කළ අබ්දුල්,ඔහු හා විවාහ ජීවිතය ගත කරන ලෙන්චිහාමි, ඔවුන්ගේ දූ මීනා ,නගරයේ ඉපිද සෙල්ලක්කාර ජීවිතයයට ඇබ්බැහි වී පසුව මීනාගේ ඇසුරෙන් යහපත් බවට පත්ව අනතුරුව පරණ මිතුරෙකු නිසා යළි දූෂිත වන ඩැනී,ඔහුගේ මිතුරා වන දොස්තර, කැලෑ ජීවිතය ප්‍රිය කරන මහල්ලා හා ඔහුගේ සමාගම්කාර පවුලිස් යන අයගේ චරිත මෙයින් දැකිය හැකිය.
සුරා සූදුව අතහැර මීනා හා විවාහ වීමට පොරොන්දුව සිටින ඩැනී නගරයේ විසූ අතීත මිත්‍රයෙකු වූ දොස්තරගේ ඇසුර නිසා යළි නරක ජීවිතයට යොමු වෙයි.නගරාශ්‍රයෙන් බැහැරව වෙසෙන පවුලිස් ඊට වඩා හොඳගති පැවතුම් ඇති තරුණයෙකි. පවුලිස් මීනා කෙරෙහි එතෙක් සඟවාගෙන තිබූ ආදරය මතුවීමට ඉඩදෙනුයේ ඇගේ සිත ඩැනීගෙන් බිඳුණු පසුය. මේ චරිතයනගේ සිතුම් පැතුම්,ක්‍රියාකාරීත්වය හැසිරීම සහ පුද්ගල සම්බන්ධතා සැබෑ ජීවිතයට සම්බන්ධ වන සේ ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. මෙම කථාව ගොඩනැගී ඇත්තේ ප්‍රධාන වශයෙන් වෙස්වළා ගැනීම්, වනගත වීම් සහ කැළෑ පොදස්හි ජීවත්වීම් සම්බන්ධ චරිත මතය. මෙය කථාවින්‍යාසය දුර්වල වීමට හේතු ය.
තරුණයන් දෙදෙනෙකු හා තරුණියක අතර සම්බන්ධය පසුබිම් කරගෙන ගෙතුණු කතාපුවතකි. ග්‍රන්ථ නාමය අනුවම මෙම කථාව මීනා නම් තරුණියගේ කථාවයි. සෙසු චරිත ඇයගේ චරිත හා අඩුවැඩි වෙමින් සම්බන්ධ වෙති. මීනා මෙහි නිරූපණය කර ඇත්තේ ගතානුගතික චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත තරුණියක ලෙස නොවය. වැඩි ඉගෙනීමක් නැතද බුද්ධිමත් ආත්ම ශක්තියෙන් අනූන තරුණියක සේ නිරූපණය කර ඇත.ස්ත්‍රි චරිතය පිළිබඳව මෙන්ම සමාජය පිළිබඳව ද නව දෘෂ්ටියක් හෙළන බව කිව හැකිය. එක් අතකින් තමන් විවාහ ගිවිසගත් තරුණයාත් අනෙක් අතින මනා ගතිපැවතුම් වලින් හා කඩවසම් පෙනුමෙන් හා නිර්භීතකමින් යුක්ත වෙනත් තරුණයෙකුත් අතර මැදිවූ තරුණියකගේ සිතිවිලි ගෙනහැර පෑමට මෙයින් උත්සාහ ගෙන ඇත.
කථාව අවසන් වනුයේ නාගරික ජීවිතය නියෝජනය කරන දොස්තරගේ බලපෑමට අසුවූ ඩැනී ආත්ම ශක්තියක් නැති,පොරොන්දු කඩකරන ,හොඳ නරක නොසලකන වංක තරුණයෙකු බව මීනා විසින් තේරුම් ගනු ලැබීමෙනි.එමෙන්ම සමාජයේ ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් මෙන්ම උසස් තැනක් හිමි විය යුතු බව පිළිගන්නා පවුලිස් නැමැත්තාගේ උත්තම ගතිගුණ තේරුම් ගන්නා මීනා ඔහු හා සරණ යාමට එකඟ වීමෙනි.
මෙහිදී කතාවහර විමසීමේදී මීනා උසස් කතාවහරකින සරසා ඇත."ගෑනිට කියා වේසකම් කර රැකෙනවා" යැයි මීනාට නවාතැන් දුන් නූගත් කාන්තාවගේ මුවට නංවා ඇති අතර "මම ඔවුන්ගේ අනියම් භාර්යාව වී මුදල් ලබා ගන්නම් " යනුවෙන් දක්වා ඇත.සූදු ක්‍රීඩාවට පැමිණි තරැණයාට තම මහලු වෙස ඉවත්කර සැබෑ ස්වරෑපය පෙන්වීමට ගත් කාලය දැක්වූයේ මෙසේ ය."බෙරු කොණ්ඩය ඉවතලෑම,මුහුණ සෝදා ගැනීම, ඇඳුම් ඉවත් කිරීම විනාඩියක් ඇතුළත කරන ලදී."ඇගේ කාර්යශීලීත්වය මෙයින් මතුකර ඇත.
අවසානය වන විට ඇයගේ සිතෙහි පවුලිස් කෙරෙහි ආදරයක් උපදී.නමුත් ඇය පවුලිස්ගේ සිත වමසන්නේ මේ ආකාරයෙනි.
"ඇයි මේ තනි වූ ස්ථානයෙහි කතාකරනට ලෙඩට දුකට සලකන්ට කෑම බීම හරිගස්සවා දෙන්ට මතු දරු සුරතල් දැකගන්නට සමාගම් කාරයෙක් ලබා ගන්නවා නම් යහපත් නොවේද?"
යනුවෙන් ඇය උත්සාහ දරනුයේ ඔහු සිත අදහස් දැන ගැනීමය. ඇයට ඩැනීගේ මිතුරෙකු වන දොස්තරගේ නෙතට හසු වීමටද සිදුවිය.එම අවස්ථාවේ දොස්තර පවසන්නේ මෙසේ ය.
"හා හා !දැන් මගේ වාරයත් පැමිණිච්චි, උඹේ ආඩම්බරත් දැන් ඉතින් ඉවරයි.හෙට උදයේ වෙන ගැහැණුන් මෙන්ම උඹත් මගේ කීකරු වැඩකාරියකි."
නමුදු ඔහු තරමටම ඈද බුද්ධිමත්ව කටයුතු කරන ස්ත්‍රියක් බව මෙම කියමනෙන් පෙන්වයි.
"හා හා මගේ වාරය දැන් පැමිණිච්චි.මමත් වෙන අය මෙන් ගොනෙක් වුණානම් සත්තකින්ම උඹේ කීකරු වැඩකාරියක් වෙන්ට වුණා. නමුත් උඹ කපාපු වළේ උඔම"
ප්‍රථම සිංහල නවකතාව ලෙස පිළිගත් මෙය අතීතයට,වර්තමානයට,අනාගතයට යන ත්‍රිත්වයටම කාලෝචිත අයුරින් නිම වූවක් ලෙස පෙන්වාදිය හැකිය.
me nawa kathawa harima kalochithai....e kale hatiyata godak issarahin tiynna puluwn kathawak....adath me wage shaktimath kanthawo innwa..
ReplyDelete