සිරියාලතා - ඩබ්.ඒ. සිල්වා
ඩබ්.ඒ.සිල්වා මහතාගේ අපූරු නවකතාවක් ලෙස "සිරියාලතා" පෙන්වාදිය හැකිය. මවගේ වියෝවෙන් පසුව තනිවම සමාජගත වීමට සිදු වූ ඇග්නස් නම දැරිය වටා කතාව ගෙතී ඇත.කෘතියේ නම බවට කතුවරයා යොදා ඇත්තේ මවගේ නම වූ සිරියාලතා යන්නය.ඉංග්‍රිසි මෙන්ම සිංහල නම් වලින්ද මෙහි චරිත හැඩගන්වනු ලැබ ඇත.
ඇග්නස්ට අවුරුදු 10 දී මව අහිමි වෙයි.ඇය අසනීපව සිට මිය යාම නිසා ඇගේ තනි නොතනියට කිසිවෙක් ඇයට නොමැති විය.ඇය මරණ ඇදේදී සිය දියණියගේ අතෙහි යන්ත්‍රයක් බැන්දාය.මෙය භාවිතා කීරීමට ඇයට උපදෙස් ලැබුනෙ හදිසි අවස්ථාවකදී පමණි.එසේ ප්‍රයෝජනයට නොගෙනම කටයුතු කරන්නේ නම් තමන්ට කරන ලොකුම උපකාරය බවත් ඇය කිව්වා ය.ඇගනස් එය ක්‍රියා කරන ආකාරය දැනගන්නටත් පෙරම ඇය මිය ගියා ය.ඇයට මවාගන් හිමි වූයේ මෙම යන්ත්‍රය පමණකි.ගෙවලි කුලී එකතු කරන්නා කොරණිස් නම් විය.ඔහු සිය රාජකාරිය සඳහා පැමිණෙන විට ඇය මිය ගොස් ඇති අයුරු දැක නගරයේ බලවතාවූ ජොරණිස් ප්‍රේරාට මේ බව ප්‍රකාශ කරයි.කොරණිස් එකතු කරන මුදල් ලබාදෙන්නේ ඔහුට ය.අහිංසක ජනයාගෙන් රැස් කරගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන චරිතයක් ලෙස කතුවරයා ඔහුව හඳුන්වා ඇත.
සොපිහාමි නමි කාන්තාව විසින් ඇග්නස්ව ජොරණිස් ප්‍රේරාට භාරදෙන්නී ය.ඔහුගේ දුව කැරොලිනා නම් වෙයි.ඇය අහංකාරයෙන් යුක්ත චරිතයක් ලෙස දැක්විය හැකිය.ඔවුන්ගේ සෙවණේ වැඩෙන ඇය කෙමෙන් කෙමෙන් වැඩි වියට පත් වෙයි.ඇත සැමගේම සිත් වශී කරන සුන්දර තරැණියක් බවට පත් වෙයි.කැරොලින් යනු ජොරණිස්ගේ දියණිය ය.අැය සුන්දර යහපත් ඇවතුම් ඇති තරුණියක ලෙස කතුවරයා දක්වා නොමැත.ඇග්නස් යන නම ඇයට හොඳ වැඩි යයි කියා ගුස්තිනා යනුවෙන් ඇයට නම තබයිි.කැරොලින් විවාහ වීමට සිටින්නේ වික්ටර් ගුණසේකර නම් තරුණයෙකු සමඟ ය.ගුස්තිනාගේ සුන්දරත්වය නිසා වික්ටර්ගේ සිත ඇයට යොමු වූවේය.
ගුස්තිනා ජීවිතය ගෙනයනු ලබන්නේ බොහෝ බාධා අතරමැදය.ඇයගේ රුව සුන්දර වීමත් සමඟ පිරීමින්ගේ නෙත් ඇය දෙසටම ඇදෙන්නට විය.මධුවිතින් මත් වූ ජොරණිස් ගුස්තිනාව කුඩම්මා කර ගැනීමට අවශ්‍යය බවද පවසයි.මෙම වියවුල් පසුබිම් හමුවේ ඇයට තවදුරටත් එහි රැදීමට නොහැකි වූයෙන් ඇය එතනින් පැන යයි.නමුත් කැරොලින්ගේ පෙම්වතා වූ වික්ටර් ඇය පසුපස ලුහුබදියි.ඇයගේ වාසනාව සොයා එන්නේ මෙම අවස්ථාවේදී ය.රික්ෂෝවක පැමිණි රිටිගල නම් තරුණයෙක් ඇයව ගුඩ්වින් නෝනාගේ නේවාසිකාගාරයට යොමු කරයි.ඇය ඔහුව ගුස්තිනාට හඳුන්වා දෙන්නේ මාර්ෂල් නමිනි.මෙහිදී මොවුන් දෙදෙනා තුළ ප්‍රේමයක් මුහුකුරා යනු දැකිය හැකිය.මෙහිදී මාර්ෂල් එංගලන්තයට යන්නේ පැමිණි වහාම ඇයව විවාහ කරගන්නා පොරොන්දුව ඇතුවය.
වික්ටර්ගේ සිත තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමයේ නිමක් නාමැත.මාර්ෂල් එවූ ලිපි වෙනස් කරවා ගුස්තිනාට ලබාදීම,එතනින් පැනගොස් විජේසූරිය පාදලි තුමාගේ ගෙදර ගිය විට එහිදීද් ගුස්තිනාවම පැතීම යනාදිය පෙන්වාදිය හැකිය.එමෙන්ම වික්ටර් කැරොලින් ලවා පියාට වස දී මරවා ඇයවද හිරේ යවයි.මේ සියල්ල සිදු වූයේ වික්ටර් තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමය මතය.ඇග්නස්ගේ හිත මාර්ෂල් කෙරෙහි බිදෙව්වද ඇය ඔහුගේ දියුණුවම පතයි.රිටිගල හා පාදලි පවුල ඉතාමත් හිතමිතුරන් ය.ඇය ඔවුන් සමඟ රිටිගලගේ නිවසට යන අතර එහිදී රිටිගල දකියි.මෙම අවස්ථාව ඇයගේ අනාගතය බොහෝ වෙනස් කළේය.මෙහිදී ඇයට ඇයගේ පියාවද හිමි විය.ඔවුනොවුන් ලේ ඥාතීන් බව පසක් වන්නේ මෙහදී ය.මෙතෙක් කල් විවෘත කර නොතිබූ යන්ත්‍රය විවෘත කළ අතර එමගින්ද ඇයගේ අනාගතය පැහැදිලි විය.මෙතෙක් කාත්කවුරුත් නැත්ව අසරණව සිටි ඇයට මහත් ලෝකයක් හිමිවිය.රිටිගල හා ඇයගේ විවාහයද සිදු විය.
මෙහිදී භාෂාව පිළිබඳව විමසීමද වැදගත් ය.අරක්කැමි ජොහානා ගුස්තිනාට කියන මෙම වදන් විමසිය හැකිය.
"මොකද මේ ලෑස්ති වෙලා ඉන්නේ දිවිදෙන එකක රවුමේ යන්නද?"
මෙහිදී එවන් නපුරු නාමයක් භාවිතා කරමින් කැරොලින් හඳුන්වනු ලැබුවේ ඇයගේ නපුරු චරිතය පාඨකයන්ට ඒත්තු ගැන්වීම උදෙසා ය.එමෙන්ම වික්ටර් ඇයට ප්‍රේමය කරන බව වික්ටර්ගේ මෙම සිතුවිල්ලෙන් පෙන්වාදිය හැකි ය.
"අහෝ!මැයගේ මුහුණ සිඹ මෙස අවුල බේරන්නට ඇත්නම් "
විජයසූරිය නෝනා ගුස්තිනාව මාර්ෂල්ගේ මතකයෙන් මුදවන්නට මෙවන් වදන් ප්‍රකාශ කරයි.
"ඔය එක මාර්ෂල් කෙනෙකු නැතිවාට ලෝකයත් තරැණයන්ගෙන් හිස් ද?"
නමුත් ඇයගේ ප්‍රේමය එසේ අමතක කළ හැක්කක් නොවය.එබැවින් ඇය මෙසේ එයට පිළිතුරු දෙයි.
"මාර්ෂල් මහතාට මා ඇති කළ ප්‍රේමය මම්මා ඇත්කළාය කියන පන්බඩ මෙන් වැනෙන සුලු ප්‍රේමයක් නොව ස්ථීර එකක් බව සැලකුව මැනවි.වේයා විසින් ඉදිකළ තුඹස නැවත ඔහුටම බිදගත නොහැකිවා සේ මා ඉදිකළ ප්‍රේමය මට බිදගත නොහැකිව මම දැන් දුක්වෙමි."
"ප්‍රේමවන්තය", "සොඳුර", "අහෝ", "අනේ", "මෑණියනි", වැන් විස්මයාර්ථ අපූර්ව වදන් මෙහි දැකිය හැකිය.කථන භාෂාව පවා ගෞරවාර්ථව යෙදී තිබෙනු දැකිය හැකිය.මෙම යථාර්ථරෑපීව සමාජය නිරූපණය නොවූ බව මෙමගින් දිස්වනු දැකිය හැකිය.
භිෂාව යොදාගෙන තියෙන්නෙ නාට්‍යයක වගේ ටිකක් අමුතු රසයක් දැනෙනවා කියවගෙන යනකොට...යථාර්ථය නිරූපණය නොවන බව පේනවා...
ReplyDelete