Thursday, April 13, 2017
මගේ ඇසින්- රාත්‍රිය...
රාත්‍රිය......
කදෝ පැණියන් මත් කළ
ශුංගාර රාත්‍රිය
හමා ආ සුළඟට
හංකිති කැවූ තුරු ගොමුව
පෙරා හිරු රැස්
සතපවා අඔර මත
තරු පොකුරු ගෙත්තමෙන්
හැඩ දැමූ ඇතිරිල්ල
ලෝකයක් සැතපෙද්දි
නිදිවරන රාත්‍රිය
හැඩ කරයි ලෝකයම
ඔබේ නෙතු වසන්කර........
Thursday, April 6, 2017
මගේ ඇසින්- අරුණෝදය
අරුණෝදය
තුරුපත් පිසගෙන
හමාඑන සිසිලස
මල්ගොමු සිසාරා
ගුමුදෙන බඹරකැළ මැද
විහිදුවන මකරන්දය.........
රන් රැස්දහර
අතුපතර කළඔමින්
නිදාඋන් පිනි බිංදු
පුබුදුවා මිලින කළ............
සදකොමළි සතපවා
අඳුරු පටලය පා කර
ඇරඹුවා නව දවසක්
පෙරදා සුපුරුදු ලෙසට.........
Monday, April 3, 2017
මගේ ඇසින්- සරුංගලය
සරුංගලය
ඈත ආකාසයේ
නිදැල්ලේ පියඹන්න
ආසයි මටත් නුඹ වාගේම.....
පුළුවන්ද පියඹන්න
නොමැතිව නූල් වාරුව
ආසයි මටත් නුඹ වාගේම ......
ගසාගෙන උඩු සුළගට
පියඹා යන්ට වුවහොත්
හැකිද ජීවය රැකගන්න
ආසයි මටත් දැනගන්න.......
මගේ ඇසින්- සුසුම
සුසුම
මුළුතැන්ගෙය සිසාරා
ගිනි පුපුරු හා මුසු වෙමින්
දරකෝටු ඇවිලවූ සුසුම........
දරුවන්ගේ සාගින්න
නිවා සනසන්න
බත් මුට්ටියේ අඩිය කීරි ගෑ සුසුම.....
අගහිග බල බලා
මුදල් පසුබියේ
එහෙ මෙහෙ අත යැවූ සුසුම.........
ඇට නහර ගැටගහන්
පණ කෙන්ද රැකගන්න
දිළිදු පැල්පතෙන් කවදාක පැනයයිද සුසුම.......
Wednesday, March 29, 2017
මගේ ඇසින්........කාලය
කාලය..........
අතීතය දිගුයි
එළැඹෙන අනාගතය
කෙටියි
කෙමෙන් වියපත්
වන යෞවනය
හඩගා කියයි
බොල්බව තවමත්
නුඹේ දිවිමග
මගේ ඇසින්.....මෙහෙවර
මෙහෙවර
පෑදෙන තෙක් ඇට
නහර
රුධිරය
කිරිකරමින්
මගේ කුසපිරවූ
ආදරණීය
අම්මා..................
වෙව්ලන ගතට
කුස අහර නොතකා
දහඩිය කඳුළු
වැගිරූ
ආදරණීය තාත්තා............
ණය ගැතියි
සැමදා
නොහැක පියවනු
කිසිදා.........
Wednesday, March 1, 2017
මගේ ඇසින්-සෙනෙහස
සෙනෙහස
සීතලට ගුලි වෙමින්....
වැහි පොදට මිරිකෙමින්.....
උණුහුම සොයන
අපූරු නවාතැන......
දුක සැප සම සමව
බෙදාගෙන ජය ගන්න
ලැබැදිව එකතු වූ
අපූරු නවාතැන......
Monday, February 6, 2017
නවකතා විමසුම....හෙයියමාරුව...
හෙයියම්මාරුව..ඒ.වී.සුරවීර..
හැත්තෑව දශකය නියෝජනය කළ අපූරු නවකතාවක් ලෙස හෙයියම්මාරුව නවකතාව හදුවන්වා දියහැකි ය. ගුණපාල, සේතං, රූපසිරි , සොපිහාමි, ජෝකිනු සහ ඔහුගේ සහෝදරයා, ඔහුගේ බිරිදපයන අය මෙහි කැපී පෙනෙන චරිත වෙයි..ආර්ථික පීඩා හමුවේ නිර්ධන පන්ති සමාජයට පත් වන අවාසනාවන්ත ඉරණම මෙයින් මනා ලෙස දක්වා ඇත. ජෝකිනු ජීවත් වන්නේ දුගී දුප්පත් සමාජ පසුබිමක් තුළ ය. ධනපති පන්තියට වහල් මෙහෙය කිරීමට ඔහුටත් පවුලටත් සිදුවන්නේ එමනිසාවෙනි..
ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ එදිනෙදා කටයුතුවලට පවා ණය වීමෙනි. පොඩි උන්ට හෝ තම්බා දෙන්න සිතා සහල් ගැන්‍මට කඩයට ගියද ඔවුන් කියන්නේ ණය පියවනාතෙක් බඩු දීමට නොහැකි බව ය. කඩය තමගේම සහෝදරයාගේ ය.එනමුදු දුප්පත් කම් අභියස සහෝදරකම් යටපත්ව යනු දැකිය හැකි ය. ගුණපාල ඉගෙනුමට හපනා ය.නමුදු ඔහුගේ ද දියුණුවට හරස් වන්නේ මෙම ආර්ථික පීඩාවම ය.
" තාත්තෙ, නෝනා මහත්තයා කිවුවා කොපි පොතක් ගෙනිච්චෙ නැත්නං ලොකු මහත්තයා ළගට අරිනවා කියල."
කුසට අහර නැතිවුවද දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවන් පැමිණවිය නොහැකි ය. මෙබැවින් ඔවුන්ට ධනය ඇත්තවුන් පසුපස හඹා යන්නට සිදු විය..ඔවුන් හෙයියමාරුවෙහි පදිංචියට යනුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගුණපාල හෙයියමාරුවෙහි පාසලට ඇතුලත් වන අතර ඔහු එහි දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරයි. තමන්ගේ ලේ නෑයන් වුවද ඔවුනට කිසිම දෙයක් උදෙසා කඩේ දෙමහල්ලන්ගේ සහය නොලැබෙයි. කඩේ නෑනාගෙන් ඇයට කොටහලු ගෙදර බැදගෙන යාමට මාලයකු ඉල්ලූ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.
" දෙංඩ තරං මාලයක් නෑ. මේ තියන එවුවා බැඳගෙන ඔය බස්වල ගියහම ගල් ගැලවෙනවා.ඊටත් තමංගේ ගෙදරටනේ යන්නේ. කොහොම ගියාම මොකෝ."
ජීවිතය ජීවත් කිරීම අපහසු ය.මිල මුදල් හිඟ වූ විට ජීවිතය විඳවන්නට සිදුවනුයේ එබැවිනි.වළව්වේ රාළහාම් නම් පවසන්නේ එහි තියෙන දෙයක් තබාගෙන කෑවාට වරදක් නොවන බව ය.පොල් ගෙඩියක් වුවත් කඩෙන් ගැනීම මදිකමක් ලෙස ඔවුන් සිතයි..මෙසේ අගහිගතා මැද ජීවිතය ගෙවෙද්දී ගුණපාල ශිෂ්‍යත්ව විභාගය සමත්ව නගරයෙහි පාසලට යයි. ඔහු ගෙදරට වඩා බෝඩිම ප්‍රිය කරන්නේ ගෙදර ජීවිතයේ කටුකත්වය හෙයිනි. උක්කුං, නංගී දකින විට ඔහුට දුක වැඩිය.මෙම අප්‍රියකාරී දසුනෙන් මිදෙනුවස් ඔහු බෝඩිමම ප්‍රිය කළේ ය.
අවසානයේ මෙම පවුලට සිදුවූයේ කුමක්ද? මැම්බර් වැනි අයහපත් මිනිසුගේ ඇසුර නිසා ජෝකිනු හිරේ යාම ය.අසරණ දරු පවුලක් තනි විය..ගැහැණියකට පිරිමියෙකු සමීපයෙහි නොමැතිවිට නොයෙක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වෙයි. සොපිහාමි කෙරෙහි මැම්බර්ගේ ඇස යොමු වනුයේ එහි ප්‍රතිඵලය වශයෙනි.
" අනේ අසරණ අපි මොනව දෙන්නද නැම්බර මහත්තයෝ.."
" දෙන්ඩ දේවල්ද නැත්තෙ? හොදා මං පස්සෙ එඤ්ඤංකෝහ්.."
අවසානයේ ඉඩම ගැන්මට මැම්බර්ට ලිංගික අල්ලසක් දීමට පවා සිදු විය.මෙයින් ඇගේ කුසට දරුවකු ලැබෙන අතර ඇය රොයිදා වෙදාට කියා ගබ්සා කරගැන්මට යාමෙන් මරණයට පත් වෙයි. ගුණපාල හොදින් ඉගෙන තමන්ට වූ දුෂ්කරතා ගමෙහි සෙසු දරුවන්ට වනු වළක්වනු පිණිය නොමිලේ දරුවන්ට උගන්වයි. පන්සලේ හාමුදුරුවන් හා එකතුව තරුණ සමාජ පිහිටුවමින් ගම දියුණු කිරීමට කටයුතු කරයි...නොයෙක් බාධක බැද ගෙවන ජීවිත තුළ පත්වන ඉරණම මැනවින් නිරූපණය කළ නවකතාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මගේ ඇසින්....මිරිගුව....
මිරිගුව..
ඈත අහසේ දිලෙන තරුකැට......
නෙත් කෙවෙනි රදවා....
පාව යන ඝන වලාරොදකට
දෑත දිගු කෙරුවා.....
හමාගෙන ආ පවන රුදුරැයි
දරාගනු බැරැවා.....
නිමක් නොමැතිව ගසාගෙන යයි
නතරවෙනු බැරුවා....
හීන සිත්තමි කරපු ගෙත්තම
බොදව යනු පෙනුනා...
තවත් කෙලෙසින් උහුලම්ද මම
දුවා හති වැටුණා....
Friday, January 27, 2017
මගේ ඇසින්...කොන්දොස්තර
කොදොස්තර
උඩින් උඩින් අඩි තිය තිය
පා පුවරුවෙ එලීගෙන
අනේ අපොයි විදින දුකක්
අතමිට සොච්චමක් ගන්න....
උදේ ඉදේ රෑ වෙනකම්
කාසි පණම් අත ගෑවට
නුඹෙ පවුලට සුරවිමනක්
ලබා දෙන්න හැකි උනාද....
අඹු දරුවන් සැම රකින්න
යන පාරේ සැම රකින්න
නුඹ ගන්නා මෙහෙය උතුම්
නුඹත් එකෙකි ලොවේ උතුම්......
මගේ ඇසින්.....අම්මා
අම්මා
දුටු දා නරකෙසක් හිසේ
සසල වූ තරම් මා සිත.........
මගේ බර කර හොවා
තවමත් මටම සැනසුම දෙන
නුඹේ බර කරහොවා
නුඹට සැනසුම දෙන්න
කවදාක හැකිවෙයිද
මගේ ආදර අම්මෙ..........
නවකතා මතකයන් ......අත්ත බිදෙයි පය බුරුලෙන්
අත්තබිදෙයි පය බුරුලෙන්- ඒ. වී. සුරවීර
මෙම නවකතාව විශ්වවිද්‍යාල ජීවිතය පාදක කොටගනිමින් රචනා කොට ඇත. මේ සදහා පාදක වී ඇත්තේ ජයවර්ධනපුර සරසවියයි.මෙහි එන වැදගත් චරිතයක් ලෙස ආචාර්ය ගැටමාන්න හදුවාදිය හැකි ය. ඔහු ධම්මසිද්ධි ලෙස මහනවී සිටි අතර පසුව සිවුරු හැරමෙන් ගැටමාන්න බවට පත් විය.මහාචාර්ය කල්දේරා, ශිෂ්‍යය උපදේශක මහාචාර්ය පරණවාඩිය, ප්‍රධාන විනය ආරක්ෂක පිරීස් මහතා, ශිෂ්‍යය නිවාස පාලක විමලරත්න මහතා, මහාශිෂ්‍යය සංගමයේ සභාපති ජිනදාස, ලේකම් වනසිංහ යන අය මෙහි කැපී පෙනෙන චරිත ලෙස පෙන්වා දිය හැකි ය.
ජුනි 28 වන දවස අරඹයා එක් එක් මහාචාර්ය වරයාගේ දවසේ ප්‍රවෘත්ති මෙන්ම
විශ්වවිද්‍යාලය තුළ වූ සිදුවීම් මෙමගින් දවා ඇත. මෙහි භාෂාව රසවත්ව දවා ඇත.
"දෙකයි බිංදුවයිහතරයි දෙකයි....ක්රී......ක්රී...හලෝ....ගුඩ් මෝනිං සර්.අද ටිකක් කලබල ඇති වන ලකුණු තියෙනවා...."
යොදාගත් භාෂාව සරලය.ආයාසයකින් තොරව හසුරැවා ඇත. විශ්වවිද්‍යාලය යනු නිදහස් තෝතැන්නකි. කරුණාවතී මහාශිෂ්‍ය සංගමයේ වැඩකටයුතු හා රැදෙමින්තම ජීවිතයද විනාශමුඛයට ඇදගනු ලබනේ මෙමපඅසීමිත නිදහසේ ප්‍රතිඵලයක් ලෙසිනි.තම දියණියගේ ක්‍රියාකලාපයන් පිළිබදව සිත් තැවුලට පත් වන පියා විශ්වවිද්‍යාලය යන්සංන ගයක් නැති තැනක් ලෙස දකියි.
" අපේ කෙළිත් මහ එක විදියක එකියක් ආයිබොං. ගලකින් පට්ටයක් ගත්තැහැකි ඒකිගෙං වචනයක් ගන්න බෑ..."
"ඇයි දෙයියනේ මේ කෙලී මෙතෙන්ට එව්වෙ මොන තරං අමාරුවෙන් ද? මොන බලාපොරොත්තු ඇතුව ද? අපේ කොලනියෙ තියා ඒ පළාතෙවත් ගෑනු ළමයෙක් විස්සවිජාලෙට ඇවිත් නෑ."
විශ්වවිද්‍යාල ජීවිතය පිළිපදව මනා අවබොධයක් ලබා ගැනුමට හැකි අපූරු කෘතියක් ලෙසද පෙවා දිය හැකි ය. . කතුවරයාද මෙම විශ්වවිද්‍යාලයෙහිම නියැලුනෙකු නිසාදො සාර්ථක ලෙස නිමාණය නිම වී ඇත. දුෂ්කර ලෙස උගෙන ඉතාමත් අපහසුවෙන් සරසවියට එන ජීවිත බොහෝ සෙයින් අයාලහෙහි යන්නේ නොදනාකම හෙයිනි..මෙම කෘතිය නව සමාජයට අත්‍යාවශ්‍යය කෘතියක් බව පෙවා දිය හැකි ය.
" කහ සමනල්ලු දෙදෙනෙක් තටු විදහා ඒ මේ අත පාවී ගොස් පියසේ එක් කොනකට පහත් වූවෝ ය.."
කතාවේ අවසානය ශුංගාරාත්මකව නිමවා ඇත.
නවකතා මතකයන්.....ලීලා
ලීලා - මාටින් වික්‍රමසිංහ
" ඇල්බට් ඉක්මනට පන්සලට යන්න ලෑස්ති වෙයන්. නුඹලාට පන්සලට යන්නට බොහොම අමාරුයි." මේ ඇමීගේ හඬ ය. පාරම්පරික ජීවන රටාවකට අනුව කටයුතු කළ මාටින් වික්‍රමසිංහයන් හැකි සෑම අවථාවකම තම නිර්මාණ උදෙසා බෞද්ධ ගැමි පරිසරයක් නිමාණය කිරීමට අමතක නොකළේ ය. මෙහි ඔහු විසින් නිමාණය කළ චරිත ලෙස වික්ටර්, සොමී, ලුසී යන චරිත පෙන්වා දිය හැකි ය.
මෙම කෘතිය විමසීමේ දී වෙනත් කෘතීන් පිළිබදවද අවධානය යොමු කරමින් ඒවායෙහි යම් කොටස් උපුටා දක්වමින් කතුවරයා රචනා කර ඇත. මෙහි පළමු පරිඡේදය ආරම්භ කරන්නේ වෙනත් පොතක උපුටා ගැනීමක් දක්වමිනි. එමෙන්ම තෙවන පරිඡේදය ආරම්භ කරන ලද්දේ අනගාරික ධර්මපාලයගේ වැකියකිනි. හතරවන පරිඡේදය ආරම්භ කරන්නේ නක්ඛත්ත ජාතකයෙන් උපුටාගත් කොටසක් දක්වමිනි. හත්වන පරිඡේදය දක්වන්නේ සුභාෂිතයේ කවියකිනි. අටවන පරිච්නඡේදයද වෙනත්ම කෘතියකින්ව උපුටා ගැන්නමකින් ඇරඹෙයි. පරිච්ඡේදය ආරම්භවන්නේ වාසනාවන්ත විවාහය පොතේ එන කොටසකිනි.
තොවිල් පවිල් ගැන සමාජයේ මුල්බැසගෙන පවතින්නකි. මරියහාමි නැන්දාගේ රෝගය සදහා මේ ගැමි ශාති කර්ම පිහිට පතනේ එබැවිනි. නමුත් ඇය මරණයට පත්වෙයි. මෙම රෝගය නිසා ඇයගේ දරුවාද මරණයට පත් වෙයි. ගැමි ජන ජීවිතයෙහි පවතින මෙවන් බොහෝ විවාසයන් ගැන වික්‍රමසිංහයන් නිරතුරුවම තම නවකතාවහි ඉදිරිපත් කළේ ය. මෙම නවකතාවෙන් ද එම ලක්ෂණය වටහා ගත හැකි ය.
වික්ටර් මත්පැනට ලොල් අයෙකු වන අතර ඇල්බට් බෞද්ධානුකූල ජීවිතයක් ගත කරන්නෙකි. මේ අතරතුර ඇල්බගේ ප්‍රේමය ලීලා කෙරෙහි යොමු වෙයි. ජයතිස්ස හා රොසලින් නයකතාවෙහි ජයතිස්ස රොසලින්ව කවි වලින් වර්ණනා කරනවා හා සමානව ඇල්බට්ද ලීලාව කවි වලින් වර්ණනා කළේ ප්‍රේමය නිසා නොවේ ද? මෙහි පියදාස සිරිසෙනගේ ජයතිස්ස හා රොසලින් නවකතාවෙහි සේම අතිශෝක්තිය හුවා දක්වන පණ්ඩිත කියවීම්ද එමට දැකිය හැකි ය. යක්ෂයන් පිළිබද දිගු ලිපි, නවකතාව කෙරෙහි අනවශ්‍යය බොහෝ තොරතුරු මෙහි දී යොදා ඇත. නවකතාවෙහි රසවතාවට එය බාධකයකි.
ගිල්බට් කොළඹ තරුණියක හා විවාහ වෙන නමුත් එයට හොරෙන් ඔහු ලීලිවද ගිවිසගැන්මට යයි.මෙම අවථාවේදී ගිල්බට් විවාහ වූ තරුණිය පැමිණෙන අතර එයින් ලීලාගේ ද, ගිල්බට් විවාහ ගිවිසගත් තරුණියගේ ද ජීවිත රැක ගැනුමට හැකි විය. මෙම නවකතාව ජීවිතය විවරණය කළ නවකතාවක් මෙන්ම මිනිසුන් පිළිබදව සිහිනුවනින් කටයුතු කිරීමට උපදේශ සපයන නවකතාවක් ලෙසද පෙන්වා දිය හැකිය..
Friday, January 13, 2017
මගේ ඇසින්_යෞවනය
යෞවනය
නීල නයන යුග තෙත් කළ
චාටු වදන් ගෙත්තම් කළ
රැවටිලි කාර යෞවනය........
පවන ඇවිත් හෙමි හෙමිහිට
අරන් යන්න මගෙන් දුරට
කඳුළු පිස නෙතු හරින දින
යළිදු මා ඇස නොගැටෙන විලස........
මගේ ඇසින්_සරසවිය
සරසවිය
එක වසරෙ සෝෂල්
දෙක වසරෙ වෙල්කම්
තුන වසරෙ විස්කම්
සිව් වසරෙ අවසන්........
තෙල බෙදන නුවණැත්තු
කොකු ගහන පෙම්වත්තු
ඇණ වෙවී විදගත්තු
සරසවියෙ සුව දත්තු.......
මගේ ඇසින්_රහස
රහස
සඳ නිදන වලා මැද
හිරු පිපෙන හිමිදිරියෙ
යෞවනය පොපියයිද
නුඹේ සිතටත් නොදැන......
අද එන්න හෙට එන්න
යමක් ඇත පවසන්න
කියූ ඔය මුව මඬල
වියැලෙන්නෙ ඇයි මෙලෙස.......
කාලයේ පාවෙලා
සිව් වසර නිමවෙලා
සරසවිය හැරදමා
නික්මෙනා විරාමෙදී........
කඳුළු මුතුකැටගෙන
මල්දම් ගෙලේ පළදා
පූදිනා ඒ රහස
කියා දී යනවාද.......
Wednesday, January 11, 2017
මගේ ඇසින්...සුරවීරයේ සිසිලස
සුරවීරයේ සිසිලස
මානවක මානවිකා
දහඩිය කඳුළු පිසලන
ලෙන්ගතුව සුවය බෙදනා
ඉතිහාසගත සිසිලස නුඹයි...
වියපත්ව පණ ගැහෙන
දිරිය ගෙන දිවි ගෙවන
සුරවීරයටම සෙනෙහෙ පානා
දුප්පත් මහල්ලා නුඹයි...
මගේ ඇසින්...ස්වප්නය
ස්වප්නය
අඳුරු රැය රජයන්න
සඳ මඩල හිනැහෙන්න...
නෙතුපියන් නිදි ගන්න
මගෙ හීන මට දෙන්න...
නිදහසේ පියඹන්න
හැකියි මට නුඹ යන්න...
නෙතු කෙවෙනි රිදවන්න
එපා යලි නුඹ එන්න...
දැහැනයට ඉඩ දෙන්න
මිරිඟුවට සමුදෙන්න...
මගෙ හීන මට දෙන්න
මගෙ ලෝකෙ සරසන්න...
මගේ ඇසින්...තනිකම
තනිකම

විහිදුණු අතීතය
හකුලාගෙන මිටට
යහන මත දිගහැර
සොයමි සැඟවුණු මිහිරි මතකය...
ගඟන මරහඬ දුන්
අසනි වැහි වලාවන්
සයුර බිහිසුණු නද දුන්
රළ පෙළ කී කතාවන්...
දුර ඈත ක්ෂිතිජයේ
සොයා සැනසුම එහා ලෝකයේ
පාව යමි හිමි හිමිහිට
පවන ඇවිදින් තනියට...
මගේ ඇසින්...නැගණිය
නැගණිය

සඳ මඩලෙ සුව සොයන
තරු පොකුරු හැඩ බලන
වත මඩලෙ රුව ගලන
කැඩපතට හිනාවෙන
හිරිමල් යෞවනය
නෙතු ගැටුණද
නැගණියේ...
විලිකුන් සුරත් ඵලයකි නුඹ
රස පහස බලන්නට සළෙළුන් පියඹයි
අතැඹුලකි ජීවිතේ
රැකගන් යෞවනේ...
Subscribe to:
Posts (Atom)







