සන්තාපය
යහන තැනුවද අහස් කුස මත
නුරා වෑහෙන සරා සඳ නුඹ...
හැඩ කරයි තරු පොකුරු අරගෙන
කැන්දගෙන යන ප්‍රේම කූඩුව...
දෙනෙත් පොපියයි සිතද පොපියයි
පෙම්බරද නුඹෙ කුල කුමාරිය...
ගිගුම් ගනිමින් අහස මොරගා
සේදුනා ඒ තැනූ කූඩුව...
සතුට සැනසුම දුරස් කරනා
අසනියද නුඹෙ මහා ශාපය...
කියනු මැන හඬ නගා අඬහැර
කිමද මේ කාලයෙ වියෝගය...?
නුරා වෑහෙන සරා සඳ නුඹ...
හැඩ කරයි තරු පොකුරු අරගෙන
කැන්දගෙන යන ප්‍රේම කූඩුව...
දෙනෙත් පොපියයි සිතද පොපියයි
පෙම්බරද නුඹෙ කුල කුමාරිය...
ගිගුම් ගනිමින් අහස මොරගා
සේදුනා ඒ තැනූ කූඩුව...
සතුට සැනසුම දුරස් කරනා
අසනියද නුඹෙ මහා ශාපය...
කියනු මැන හඬ නගා අඬහැර
කිමද මේ කාලයෙ වියෝගය...?
No comments:
Post a Comment