චරිත තුනක් - කේ. ජයතිලක
බොහෝ නවකතා උදයකින් පටන්ගෙන සවසකින් අවසන් වන නමුත් ඉසාගේ ළමාවිය, තරුණ විය, මහලු විය, පිළිබද ජවනිකා තුනක් ඉතිරිවන පරිදි කාලය ඒ අතරින් සෙමින් ගලයි. දරුවන් හතර දෙනෙකුන් යුතු පව්ලෙහි වැඩිමල ඉසාය. සනා, නලී, රංජිත් වන සහෝදර සහෝදරියන් මැද ඔහුගෙන් පවුලට විශාල සේවයක් දෙමාපියන් බලාපොරොත්තු විය. ඔවුන් ජිවත් වන්නේ ගොවිතැන රැකියාව කොටගෙන බැවින් නොයෙක් ලෙස ජිවිතයට ස්වභාව ධර්මයෙන් පවා බාධාවන් සිදුවිය.
'' ඇල වක්කලමෙන් වේල්ල කඩාගෙන ගිහින් කහටගහ ලියද්ද සේරම පාළු වෙලා.''
තාත්තා පවසන්නේ ඉමහත් සංවේගයෙනි. ඔවුන්ගේ එකම ජීවන මාර්ගය කඩා බිදවටෙන්නට යාම ඉවසිය නොහැක්කකි.දෙවියන් පවා විටෙක දුප්පත් මිනිසාට එරෙහි වන බව මව පවසන මෙම වචන වලින් වටහා ගත්ත හැකිය.
'' හරියට කෙනෙක් කියල කරනවා වගේ කරෝලිස්ගේ ලියද්ද බේරලා හැමදාම මෙතනින්මයි කඩාඩුව කැඩෙන්නෙ.''
ගොවිජන ජීවිතය දුක, කදුල, උත්සාහය,කැපවීම,යන නොයෙක් කරුණු අනුව ගත වෙන්නකි. මෙම නිසා ජිවිතයේ ලාබ මෙන්ම පාඩුද විදගත යුතුය. ඉසට මෙම පරිසරය තුල අතපය බැදගත් පිරිමි චරිතයක් ගත කිරීමට නොහැකිය. තම මල්ලිලා සහ නංගි මෙන් වැලිබත් උයමින් කල්ගෙවිය නොහැකිය. පව්ලෙහි වැඩිමලා ලෙස ගෙදර බර ටිකක් හෝ කරට ගැනීම අවශ්‍ය උවද ඔහුගෙන් එබන්දක් අපේක්ෂා කල නොහැකිය. ඉසා වතුපිටියේ වැඩට පියාට කිසිදු උදව්වක් කිරීමට ඉදිරිපත් නොවීම ගෙදර දෙමහල්ලන්ගේද අප්‍රසාදයට හේතු විය.
'' අපට ඉතින් හැදුනොත් අහන්න තියෙනවද ?මාත් මේ කුස්සියට රිංගාගෙන උදේ හවා බත් තම්බා පරණ ණය ගෙවනවා..
වැඩිමහල් සහෝදරයා වන ඉසා අනිකුත් සහෝදරයන්ට ලැබෙන වරප්‍රසාද වලින් ඉවත්ව ගියේය. සෙසු ලාබාල සහෝදරයන් අභියස ඔහුට නොයෙක් පරිත්‍යාග කිරීමට සිදුවේ.
“මගේ සරම නම් ඊයේ අපුල්ලලා ගෙනත් තිබුණා.
කමිසයක් විතරක් ඉල්ලලා ගත්තොත් මට පුළුවනි එන්න.” යනුවෙන් ඉසා මෙසේ පවසන්නේ නිවසින් පිටත නව ලෝකයක් සොයා ඔහුටත්
යාමට ඇති අවශ්‍යතාවය හෙයිනි. නමුදු පියා පවසන මෙම වදනින් ඔහු පවුල තුල සෙසු
සහෝදරයන් ලබන වරප්‍රසාද ඔහුට අහිමිවන බව ප්‍රකට වෙයි.
“එහෙනම් ඒක සනාට දීපිය. තෝ ගොහින් කොහොමද
මෙතන හරකෙක්වත් බඳින්නෙ.” මෙම වදන්
වලින් ප්‍රකට වන්නේ ඔහු පවුල තුල වගකීමක් දරණ පුද්ගලයෙකු ලෙස කටයුතු කළ යුතු බව
නිවසේ වැඩිමහල්ලෝ සිතන බවය.
ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ ගොවිතැන ජීවිතයේ මූලිකත්වය කරගෙනය. කුඹුරට වන අතුරු
ආන්තරා ඔවුන්ගේ ජීවිත තුලට ලබන දුක්ගැහැට ලෙස සිතීමට තරම් ගොවිතැන හා නිවස ඒකාබද්ධ
වී ඇත. ඉසා පියාට මෙසේ පවසන්නේ මෙම අර්ථ ජනිත කිරීමටයි.
“කරෝලිස්ගේ කුඹුරෙත් ඊයෙ ලණු ඇද්දා. ඒකෙ හිටපු මැස්සො වෙන්න ඇති අපේ
ලියද්දට ඇවිත් ඉන්නෙ.”
ස්වභාවික විපත් මෙන්ම නොයෙක් කුඩා සතුන්ගෙන් පවා අතුරු ආන්තරා ගොවිතැනට
නැතුවාම නොවේ. එමෙන්ම ගම්වල ඉන්න නොයෙකුත් මිනිසුන්ගේ කටකතාවන්ද ඔවුන් පවසන වදන්ද
කර්මාන්තයන් ඵලදායී වීමට මෙන්ම හීනදායී වීමටද හේතුවන බව චරිත තුනක් ඇත්තෝ පිළිගත්
බව මෙම කියමනෙන් පෙන්වා දිය හැකිය.
“එදා කුඹුරට මැස්සො වහල කියපුවහම අබරංකාරයා
ගත් කටටම කිවුවේ උඹේ කුඹුරට නම් මැස්සො තියා යක්කු වැහුවහම මොකද, මේ බුලත් කොටුව
තියෙනකල් කියලා.”
“එහෙනම් ඉතින් අහන්න දෙයක්ද මෙච්චර
දවසක්වත් ඕක බේරිලා තිබුණ එකයි පුදුමෙ.”
මේ වැඩිමහල් දෙමහල්ලන්ගේ කතාබහෙන් ජනිත
කරවන්නේ නොයෙක් හැලහැප්පීම් මත ජීවන යාත්‍රාව පැදවිය යුතු බවය.
“මොනව
කරන්නද මන්ද අටුවෙ වී ටිකත් ඉවරයි වගේ. අද තම්බන්න වී ගන්නකොට හරියට මගෙ පපුව
සූරන්නහේ කූඩෙ නිකන් කරාස් කරාස් ගාලා අඩියෙ හැපුණ.”
“වී ටිකත් ඉවරද ? කාලා තියෙයි එහෙනම්.”
“දැන් රටේ කාටත් අමාරුයි. මුලාදෑනි
ගෙදරින් අද මං ඉන්ටැද්දි කඩේට එවල අල භාගයයි ගෙන්නා ගත්තෙ.”
“මුලාදෑනියමත් මං කීපදොහේ දැක්ක කඩේට
ඇවිත් තනි සුදු ආප්පෙ කාල නිකන් තේ එක බීල යනව.”
චරිත
තුනක් නවකතාව ධනවාදී පන්තිය නිරූපණය කරන නවකතාවක් නොව සමාජයේ පහලම පන්තියේ සිට
ජීවිතය දිනන්නට උත්සහ කරන එක් ගැමි තරුණයෙකුගේ කතාවකි. ඔහුගේ චරිතයේ ඉස්මතුවන්නේ
කතාව ආරම්භයේ නොවය. එදා තිබූ සමාජ තත්ත්වය හා සමාජ ක්‍රමය අනුව ඉසාගේ පවුල වැනි
දුප්පත් පවුල් පමණක් නොව ගමේ ඉහල පෙළ යැයි සිතන මුලාදෑනි පවුල පවා ජීවිතය
ගැටගහගත්තේ ඉතාමත් අමාරුවෙන් බව මෙයින් වටහාගත හැකිය.
සිය
පවුලේ බාල සහෝදර සහෝදරියන් හමුවේ පරිත්‍යාගයන් කැපකිරීම් කළ ඉසාගේ චරිතය ප්‍රේක්ෂකයා
හමුවේ ඉස්මතුවන්නේ කතාවේ අවසන් භාගයේදීය. ඔහු හා ලලිතා අතර ඇතිවූයේ ප්‍රේමයම
නොවේය. ඔහුගේ ජීවිතයට ලලිතාගෙන් නොයෙකුත් උපදෙස් ලැබුණි. ඔහුට දිරිය වූයේ ඇයයි.
“ඔයා කිව්ව නේද දවසක් කෝකිලාන කපලා හේනක්
හදන්න ඕනේ කියලා. කෝ තවම නැද්ද පටන් ගත්තෙ? ”
“ඕක එළිපෙහෙලි කරල මුකුත් හිටවගත්තොත්
ඒකම මදැයි ජීවත්වෙන්ට.”
සිය සහෝදරයන් මෙන් කෙලිදෙලෙන් උත්සහ කළ
ඉසාගේ ජීවිතය වගකීමෙන් යුතුව කටයුතු කරන තරුණයෙකුගේ චරිතයක් බවට පත්වන්නේ ලලිතාගේ
මගපෙන්වීම යටතේදීය.
අධ්‍යාපනයෙන් නොදියුණු එකල දෙමාපියන්ගේ
මූලික පරමාර්ථය පාසල් යවා දරුවන් අකුරු කිරීමට හුරු කිරීම නොව වතුපිටි වැඩක් ඉගෙන
ගන්නා හේනක කුඹුරක හරි හරියට වැඩ කරන්නට ඉගෙන ගන්නා පුතෙකු බිහිකිරීමය. නැතිනම්
ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් මැනවින් පුහුණු කළ දියණියක බිහිකර ගැනීමටය. පියා පවසන
මෙම වදනින් මේ බව ප්‍රකට වෙයි.
“ගුරුකම්
ගන්ටයැ ඉස්කෝලෙ යවන්නෙ. තොට හරකෙක්වත් බඳින්න බැරිවෙලා තියෙන්නෙ ඔය කෝලෙ හින්ද
තමයි.”
“පොත! පොත! හැමතිස්සෙම පොත? ඕකෙම ඇහැ
ගහගෙන හිටපිය, ඕකෙ ඇති කන්ට හම්බවෙන හැටි කියලා.”
අවසානයේදී ඉසා කෝකිලානේ සිටාණන් බවට
පත්වෙයි. ඔහු කෝකිලාන වවා සිය සහෝදරයන් දියුණුවෙනු ආශාවෙන් බලාහිදී. රංජිත් අධ්‍යාපනය
හොඳින් හදාරා ඉහල චරිතයක් බවට පත්වෙයි. සනා බේබදු පුද්ගලයෙකු බවට පත්වෙයි. සමාජයේ
පවුල් තුල අවසානයේ පවතින ඉඩකඩම් උදෙසා සහෝදරයන් තුල පවතින අර්බුදය කේ. ජයතිලකයන්
චරිත තුනක් නවකතාවේද අවසානයේ ඉදිරිපත් කරයි. මේ බව සනා හා ඇගේ බිරිඳ පවසන
වදන්වලින් ගම්‍ය වෙයි.
“අපිත් යකෝ
අමුතු විදියකට ආවෙ නෑ. මේ ගමේ අනික් ගෑණු එන විදියටමයි ආවෙ. මගේ මිනිහට නැද්ද මේ
ඉඩම්වල අයිතියක්.”
“මුන්
ලක්ෂපතියො වෙන්න හදන්නෙ අපේ ඔළුවට අත හෝදලානෙ. ඔතන මටත් අයිතියි. හදමු එහෙනම්
ගෙවල් බලන්ට. ඕවට යටවෙලා ඉන්නෙ මේ සනා නෙවෙයි.”
මෙම හබයට
රංජිත්ද හවුල් වෙයි. ඔහු පවසන්නේ මහගේ සනාට නොව තමාට අයිති බවයි.
“හරිනම් ඔය
ගේත් අයිති මටයි. බාලයාට එපැයි මහගේ අයිති වෙන්ට.”
කෙලිදෙලෙන් ගතකළ සියල්ලෝම ජීවිත අවසානයේ
ධනය පසුපස හබායන අයුරු මෙම නවකතාවේ ඉස්මතුකර ඇත. ඉසා පවසන්නේ රංජිත්ගේ තත්ත්වය
අනුව මහගේ ඔහුට නොගැලපෙන බවය.
“ඒ උනාට
ඕකෙ ලී දඬු ටික වහලෙට, දොර ජනෙල්වලට දාල තියෙන ස්වල්ප වටිනාකමක්ද? ඒ වගේ මෝරපු ගස්
අද කොහෙන්ද දකින්නවත් තියෙන්නෙ.”
රංජිත් ද, අවසානයේ සහෝදරයන්ගේ පිහිටෙන්
ජීවිතය දිනුවද අවසානයේ ආත්මාර්ථකාමී චරිතයක් බවට පත්වෙයි. ඉසා කෙතරම් සිය
සහෝදරයන්ට, සහෝදරයන්ගේ දරුවන්ට ආදරය කලද, ඔවුන් ඔහුට පවසන්නේ කෝකිලානෙ මිනිහා
යනුවෙනි.
සනාගේ ජීවිතය දිලිඳුකම රජයන අතර,
රංජිත්ගේ ජීවිතය සැපවත්ව ගලා යයි. ඉසාගේ ජීවිතය තනිකඩව ගලා යයි.
“සනාගේ
ගෙදර පහනක් දැල්වේ. රංජිත්ගේ ගෙදර ලාම්පුවක් පත්තුවේ. මගේ හදතුළ වූ කිසියම්
ආවරණයක් කිසිවෙක් විසින් ඉවත් කිරීමෙන් ආලෝකයක් පහල වූවාක් මෙන් මට දැනිණ.”
මාටින් වික්‍රමසිංහයන් ගම්පෙරළියට වඩා
මැනවින් කේ. ජයතිලකයන් චරිත තුනක් ඔස්සේ ගම ගැන විවරණය කළ බව පෙන්වා දිය හැකිය.
No comments:
Post a Comment