Wednesday, January 11, 2017

නවකතා මතකයන්...පශ්චිම ප්‍රණාමය

පශ්චිම ප්‍රණාමය - එස්.ආර්. සිරි සේනානායක


මෙම නවකතාව තුළින් ගම සුදු ජාතිකයින්ගේ ක්‍රියාකාරකම් නිසා කාර්මීකරණයට ලක්වූ බව නිරූපණය කරයි. සුදු ජාතිකයන් සමග ඇයි හොඳැයිය නිසා බණ්ඩාර අප්පෝද අහිමිය. පවුලේ එකිනෙකාගේ විනාශය ක්‍රමයෙන් ලංවනු දැකිය හැකිය. වතුකරයේ මිනිසුන් නිසා පවුලේ අයත් අඩ දබර ඇති වේ. මද්දු පෝල් සමග දීග යාමද සිදුවේ. ලොකු අප්පොට බිරිඳ, නැගණිය සහ දරුවන් ගම නාගරීකරණය වීම කොළඹ දියුණුවීම යන හේතු නිසා අහිමි විය.
පෝල්ගේ හොර වැඩ නිසා ඔහුව පොලීසියට ගෙන යයි. පෝල්ව පහරදීම් නිසා මියගිය අතර, මිනිය භාරගන්නේ දැයි මද්දුගෙන් විමසන ලදුව ඇගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ
“මරාගත්තා නම් දැන් ඉතින් කන එකයි ඇත්තෙ. යනුවෙනි.
ඉතාමත් භක්තිවන්තව වාසය කළ පවුලක් අවසානයේ විනාශයට පත්වේ. හේන්, කුඹුරු විනාශ වි යයි. ලොකු අප්පෝ, සුදු අප්පෝ, පුංචි අප්පෝ, පොඩිගම මුත්තා, බණ්ඩාර අප්පෝ, ලොකු අප්පෝ, පුංචි මැණිකා මෙහි පණපොවන සෙසු චරිත ලෙස පෙන්වා දිය හැකිය. බැත යාල්ලීමේදී ලාබයි කියා පටන්ගෙන නවයයි වෙනුවට අට හොඳයි කීය. දහනව වැන්න වෙනුවට දහඅට හොඳයි කීය. භාෂාව අතින් බැලූ කළ ගැමි සංස්කෘතියකට උරුමකම් කියූ භාෂාවක් දැකිය හැකිය. ලොකු අප්පෝ සහ මැණිකා අතර ඇතිවන මෙම කතාබහෙන්ද එය වටහාගත හැකිය.
“මං පිටත්වුනේ පුහු ඇහැලට කලින් මගෙ හිතේ.
“ඒකට මොකද? හාමුදුරු කරුණාවයි. සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබෙන්නේ කිරි කෝඩුලා නඩේට එක්වන තරමටයි. ලොකු අප්පෝ බණ්ඩියාටද සිරිපා කරුණාව පිණිස ආරාධනා කරන්නේ,
“මං කියනවට උඹත් වරෙන්කො එක ගමනක්වත් පාද පත්ම වඳින්න.
බණ්ඩියා එයට පිළිතුරු දෙන්නේ.
“අනේ අප්පෝ...ඒක හරියැ...මං වැද්දෙක් වගේ සතා සීපාව මරාගෙන කාලා අණක් ගුණක් නැතිව ජීවත් වෙන එකා..සමන් දෙවියෝ කෝප වෙයි. ඒක නඩේටම නපුරක්.
“උඹ ඔය කරුම ජීවිතේ අත්ඇරල ගොවිතැන් බතක් කරගෙන ජීවත් වුණොත් දෙවියෝ උඹට අච්චු කරන එකක් නෑ.
අතීත ගැමියන් සිරිපා කරුණාව පිළබඳ කතා කරන්නේද සිරිපා කරුණා කරන්නේ ද, ඉමහත් ශ්‍රද්ධාවෙනි. මෙම යුගය සිරිපා කරුණා යුගය පමණක්ම නොව විදේශීය වෙළඳුන් වෙළඳාම පිණිස ගමටද එන යුගයකි.
“රෙදියි යෝප්...රෙදි ඊ...යෝප්”
ඒ අවුරුදු කාලයට රෙදි විකිණීමට ගමට එන චීනාගේ භාෂාව.
“අප්පු ආමිලගේ කරුංක තමා පෝම ඔඳ...යේක පොඩි සවුත්තුව තමා කරුංක ගාන ඔඳටෝම බෑල...යේ උනාට  අපිලට අප්පු ආමිලට යේව කියන්න බෑනෙ...”
“ඔඳම රෙදි තමා ආමිනේට කෙනාවා...පෝම ලස්සන ඒව...යේක පලන්ඩ...ලාබ තමා...”
විදේශිකයන් වෙළඳාම තුළින් පවා ගම ආක්‍රමණය කළ අයුරු මෙයින් වටහාගත හැකිය. සුද්දන් ඉඩ කඩන් නතුකර ගැනීමටත්, ගම්මුන් එයට සහාය වූ බවත් ලොකු අප්පෝ තුළ ජනිත කේන්තියෙන් වටහාගත හැකිය. සුද්දන් ගම ඇවිත් වනාන්තර හෙළිපෙහෙලි කළා පමණක් නොව ඔවුන්ගේ ආහාරපාන පවා ගැමියන් තුළ ප්‍රචලිත කරවීය.
“ඕව තමා පාන්...මුලින්ම දැක්ක සිංහල මිනිහ කීව කියන්නේ කුඩු ගල්...”
පෝල් සෝපාහාසව බණ්ඩාර අප්පෝ දෙස බලමින් පාන් පිළිබඳ දැනුවත්කම දිගහරී.
“කොළඹ රටේ පාන් ජාති ගොඩක් තියෙනව...පරලු පාන්, හකුරු දාපු හකුරු පාන්, මුද්දරප්පලම්, කහමද, සීනි, දුන්තෙල් දාපු බෘදර් පාන්..සීනි වැඩිය දාපු ස්වීට් පාන්...ඉඟුරු ඉස්ම දාල හදපු දුඹුරු පාන්...ඔන්න ඔය වගේ මහා ජාති ගොඩක් කාල බලමු..”

            අතීත සමාජයේ පැවති ග්‍රාමීයත්වය නාගරීකරණය විමට පොදු හේතුව බවට පත්වී ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම් ඔවුන් පුරුදු පුහුණු කළ ආහාර, රැකියා සහ නොයෙක් ජීවන තත්ත්වයන් වැළඳ ගැනීමය. පශ්චිම ප්‍රණාමයේ ද සිදුවූයේ එයයි.

No comments:

Post a Comment