වැල් පාලම-
කැත්ලින් ජයවර්ධන
පුවත්පත් කලාවේදීන්ගේ ලෝකයක් විදහාපාන
නවකතාවක් ලෙස මෙය පෙන්වාදිය හැකි ය. සෝමවීර, නාලිකා, වජිරපානි, මාතුපාල, නිරෝධා
ධර්මසිරි, නිර්මාණි යන චරිත කතුවරයා මෙමඟින් හඳුන්වා දෙනු
ලබයි. සෝසමවීර බිරිඳක, දියණියක හිමි
ස්වාමියෙකු වුවද ඔහු අන් ස්ත්‍රීන් ප්‍රාර්ථනා කරයි. පුවත්පත් ලෝකයට මැදි වූ
සෝමපාල තම වෘත්තිය ගැන උනන්දු වන්නා සේම එහි සේවය කරනා ස්ත්‍රීන් ගැනද බෙහෙවින්
උනන්දු වන පුරුෂයෙකු ලෙස කතුවරයා ඔහුව හඳුන්වා ඇත.
බිරිඳ ආශා කරන්නේ තමන්ටම
කියා නිවහනක් ඉදිකොටගෙන ස්වාමියාත් දරුවාත් සමඟ සුවසේ වාසය කිරීම ය. ඇය සිය සැමියා
සමඟ නිතරම පැවසුවේද එයයි.
‘‘ කොහෙද? රුපියල්
පනස්දහසක් තිබුණ උනත් මේ කිට්ටුව පාතකිං නං ඒ මුදලට එක පර්චස් එකකට වැඩිය ගන්න බෑ.
ඒක ඉතිං ඇතිවෙයි ඔයාටයි මටයි හිටගෙන ඉන්න විතරක් නං”
‘‘
මොනවා උණත් දැං අපට ගෑනු දරුවෙක් ඉන්න විත්තිය මතක තියාගෙන තමයි අපට මීට පස්සේ
කොයිදේ කරන්නත් සිද්ධ වෙන්නෙ.”
මොවුන්
දෙදෙනා අතර අඹුසැමි පොදු කතාබහ වුවද සෝමවීරගේ සිත රජයන්නේ නාලිකා පමණක් නොවය. ඔහු
වෙනත් කාන්තා පාර්ෂවයන්ගේ සංගමය පතන්නේ නාලිකාගේ රූපශ්‍රිය පෙරමෙන් ඔහු සතුටු
කිරීමට අසමත් හෙයිනි. දියණියගේ උපතත් සමඟ ඇය පෙර මෙන් තමන්ගේ රූපය පිළිබඳව එතරම්
සැලකිල්ලක් නොදක්වයි. මෙම හේතු කාරණා ඔහු තුළ නාලිකා කෙරෙහි උපන් ප්‍රේමය, රාගය
කෙමෙන් මියැදී යාමට හේතු විය. ඔහු නිරෝධාගේ සංගමය සොයන්නේ මෙම හේතු මුල්කොට
ගනිමිනි.
‘‘
ඇයි ඔච්චර තද පාටවල් අඳින්නේ? ”
‘‘
ඊටත් රතු පාට ?”
සෝමවීර නිරෝධාව තම කතාවට නතු කරගන්නේ එලෙස ය.
ඇයගේ සරාගී පෙනුමට ඔහු යටිසිතින් රුචි කරයි. කාන්තාවන් සතු පොදු අහංකාරත්වය නිරෝධා
මුදා හරින්නේ සෝමවීර තමන් ගැන උනන්දු වන බව හැඟුණු හෙයිනි.
‘‘ රතු පාටක්නේ ?”
‘‘
මොකක්හරි පාටක් එපැයි අඳින්න ? ඉතින් සුදුපාට ඇන්දනං ඕගොල්ලො අහවි මොකද සුදු
අඳින්නේ කියල. ඕවට ඉතින් කා ගාවද උත්තර තියෙන්නේ ? ”
සෝමවීර නිරෝධාගේ සාත දිනා ගැනීමට සමත්
විය. සෝමවීර සහ නිරෝධා නාලිකාට හොරෙන් අනුරාධපුරයට යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
පිරිමින් බොහෝ සෙයින්ම අවස්ථාවාදියෝ ය. නිරෝධා ඔහුගේ යටි සිත විමසන්නේ එය දැනගැනීම
පිණිස ය.
‘‘ ඔයා මෙහේ ජෝගි නටන කොට කවුද දන්නෙ
එයත් එහේ වෙන කවුරුවත් එක්කලා......”
‘‘ අනේ නෑ නිරෝ නාලිකා එහෙම ගෑණියෙක්
නෙවෙයි. ඒක මට හොඳටම විශ්වාසයි.”
අන්
කාන්තාවන් තමන්ගේ වසඟයට පැමිණියද තමන්ගේ භාර්යාව අන් පුරුෂයෙකු සතුවනු දකින්නට
පිරිමින් අකමැති ය. නමුදු ඔහුගේ මෙම වදන් වලින් නිරෝධා ඔහුගේ සිතුම් පැතුම් වහා
වටහා ගත්තේ ය.
‘‘ එහෙම ගෑණියෙක්? කොහොම ගෑණියෙක් ද? ”
‘‘ ඒක එහෙමනම් මම එතකොට එහෙම ගෑණියෙක් ?
එහෙම නේ ? ”
‘‘ ඕකනෙ
කියන්නෙ. ගැහැණිය ගැන මොන තරම් ප්‍රගතිශීලී අදහස් කටින් , වචනෙන්, පෑනෙන්, එලියට
දැම්මත් ප්‍රායෝගික ජීවිතයේ දී ඕගොල්ලො කවුරුත් මහ ඉහලින් බලාපොරොත්තු වෙන්නෙ මේ
ගැහැණියගේ පාරිශුද්ධත්වය තමයි.”
නමුදු පතිභක්තිය රකින කාන්තාවකට සැමියාගේ
වෙනස් වීම වටහා ගත හැකි ය. ඇය හා සෝමවීර අතර ආරවුල් හටගන්නේ එබැවිනි.
‘‘ රස්සාවට නොගිහිං මට ගේ මුල්ලට වෙලා
ඉන්නද ගෑනියේ කියන්නෙ?”
‘‘ උදේට ඇඳ
පැළඳගෙන යන්නෙ නම් රස්සාවට තමයි. ඒ උණාට රෑ මද්දහන වෙනකම් කොයිදිබ්බාගෙක යනවද කව්ද දන්නෙ?”
කතුවරයා මෙහි දී ‘‘ බැහැගෙන යන ජලයෙන් අපටත්
දෝතක් ලෙස දක්වා ඇත.” තේරුමක් නොමැතිව ගලාගෙන යන ගැහැණු ජීවිත වලින් ටිකක් හෝ
පිරිමින් ප්‍රයෝජනයට ගන්න උත්සාහ දරන බව මෙයින් වටහා ගත හැකි ය.
වාහන අනතුරින් පසුව නිරෝධාගේ සුරූපී
මුහුණ විකෘති වන අතර ඔහු අවසානයේ රැකගත් පතිවෘතාවත් ගැහැණියක වූ නාලිකාද අහිමි
වෙයි.
‘‘ එන දවසක
නේය? වැදල පුදල දුමු අල්ලල ගෙන්න ගන්න මටත් උවමනාවක් නෑ දැං, ඒ කාලෙ පහුගියා ”
නාලිකා වජිරමානට කියන මෙම කියමනෙන්
සියල්ල පෙරට වඩා වෙනස් වී ඇති බව පසක් වෙයි. කාමුකත්වය හමුවේ හඹා යන ලෝකය තුළ
අවසානයේ වේදනාව පමණක්ම උරුම වන බව මෙයින් පසක් කිරීමට කතුවරයා සමත් ය.
No comments:
Post a Comment